Tuesday, January 22, 2013

මගේ යැයි සිතාසිටි බොහෝදේ....





මගේ යැයි
සිතාසිටි
බොහෝදේ
ඇගේ වග
තේරුනේ
ඇයද මගේ
නොවන බව
දැනගත්ත
පසුවයි....

Thursday, November 22, 2012

ආයි කවි සිත මෝරනවා......

ආයි කවි සිත මෝරනවා......
ආයි කවි ලියන්න හිතෙනවා....
අනේ මන්දා ඒ ඇයි කියලා...
කියවන්න අය ඉදීද?

Monday, September 19, 2011

මට ගැහුවා නේද කෝට් අතක්ම...

මං තුරුම්පු අතේ තියන් උනත්
 නොගහ හිටියේ 
නුඹව කපන්න බැරි හින්දයි...
ඒ නුඹට තිබ්බ ආදරේට
 මට ඕනේ කලේ 
කොහොම හරි සෙපෝරු කරගන්නයි
 ඒත් මං 
නොහිතපු නොපතපු වෙලාවක 
නුඹ එක පාරටම
 මට ගැහුවා 
නේද කෝට් අතක්ම...

Tuesday, June 14, 2011

මං එනවා කොහොම හරි ඔයා ලගට...


මං එනවා කොහොම හරි ඔයා ලගට
මොනදේ උනත් කමක් නැහැ මට
මම දන්නව මට හුගාක් දේවල් වෙයි කියලා
කමක් නැහැ මට මොනවා උනත් ඔයා ලගට ඇවිත්
මෙහෙමම ඉදන් මැරිලා යනවට වඩා...

Saturday, June 4, 2011

නෙත් ...


නෙත් 
එදා නුඹ ලගදී සිනාසුන
නෙත් 
එදා නුඹ ලගදි සතුටු උන
නෙත්
එදා නුඹ ලගදි ආස උන
නෙත්
මෙදා නුඹ ලගදි මියැදුන...

Wednesday, June 1, 2011

මමත් මේ ආලයෙන් මියෙදුනා...

ඇගපුරා තියන 
ඇට ලේ මස් ඇටමිදුලු පුරාම
 ඔයාට තිබ්බ ආදරෙන්
 පිරිලා ඉතිරිලා තිබ්බ ඒ දවස් 
නිම උනා...
සෙහෙහසින් පිරූ පාරමී
 මොහොතකින් අළුකරදමා
 ලග හිටපු නුඹ මගෙන් වෙන් උනා...
නුඹ නැතුව තවත්මට 
ජීවිතය මක්කටද 
මමත් මේ ආලයෙන් මියෙදුනා...

Thursday, May 19, 2011

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර  උනා....

ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......

 දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !

Tuesday, November 30, 2010

නුඹ දුන්න දියවෙන හදවතත් එක්ක මාත් දියවෙනවා ටිකෙන් ටික...


මං නුඹට තිබ්බ ආදරේට
මගේ මස් ලේ වලින් හැදුනු හදවත ගලෝලා නුඹට දුන්නා
නුඹත් නුඹේ හදවත මට දුන්නා
කල් ගත් උනා...
නුඹේ හදවත තුරුල් කරන් ඉත්දි මට හරිම සනීපයක් දැනුනේ
මං දැනන් හිටියේ නැහැ නුඹ මට දුන්නේ
නුඹේ ඇත්තම හදවත නෙමෙයි දවසින් දවස දියවෙලා යන බොරු හදවතක් කියලා
ඒක දවසින් දවස දියවෙලා ගියා...
ඒත් මං නුඹට දුන්නේ මගේ ඇත්ත හදවත
නුඹ ඒකත් අරන් මගෙන් ඈතටම ගියා...
දැන් දවසින් දවස මම නැතිවෙනවා මගේ හදවත නැතුව
නුඹ දුන්න දියවෙන හදවතත් එක්ක
මාත් දියවෙනවා ටිකෙන් ටික...

Thursday, November 11, 2010

නුඹවත් ගනන් නොගත් නිසා...

නුඹ නමින් විකසිතව
පහස ලත් රෝසමල
පරවුනා නොදැනීම
නුඹවත්
ගනන් නොගත් නිසා...

Sunday, September 5, 2010

ඇ‍ය යන්න ගියා මැකිලා...

හිත් මඩල යට පිපී උන්
පුංචිම පුංචි සමන් මල
පරවෙලා...
මටවත් නොකියාම
යන්න ගොස් ලෝකයෙන්
ඈතටම...

Monday, August 2, 2010

එදා සහ මෙදා...

එදා මතකයන්
මෙදා හිත රිද්දද්දී
මක් කරන්නද මං
අඩනවා ඇරෙන්නට...

Tuesday, July 27, 2010

කාටත් හොරා නුඹ පුන් සද උනා මට...

ජීවිතේ අමාවක ආ වෙලාවක
කාටත් හොරා නුඹ පුන් සද උනා මට
ඒත්...
එක මොහොතකින්
බැසගියා ආයෙමත් නුඹ
අදුරු කර මගේ ලොවම
කලුවරයි ආයෙමත් මගේ ලොවම...

Sunday, July 4, 2010

කදුළු...

හේතුවක්
නැතුවාම
නෙත් කෙවෙනි
තෙමන අපූරුව
පෙර මතක
සිහිකර
හොරෙහින්...

Tuesday, June 22, 2010

කරුමක්කාරයා ගන්ධබ්බ අවදියක...

කරුමක්කාරයා දැන් ඉන්නේ රික්තයක් ඇතුලේ ඒකයි ලියාගන්න කිසිම දෙයක් නැත්තේ තිබුනත් හිත එක තැනක තියාගෙන ලියන්න අමාරුයි.සතුටත් නැති දුකත් නැති අතරමගකයි දැන් කරුමක්කාරයා ඉන්නේ.කරුමක්කාරයගේ ඇස්වල දැන් කදුලුත් නැහැ තොල්වල හිනාවත් නැහැ.හරියටම කෝමා හැදිලාවගේ.හැමදාම මාත් එක්ක හිටපු සමහරු පහුගිය ටිකේ මාව හොයල තිබුනා.ස්තුතියි.මම තාම ඉන්නවා ගන්ධබ්බ අවදියක.....

Thursday, May 13, 2010

අදුර සුන්දරයි...

නොපෙනී ගියත්
හැමදේම
දුකක් ලැබුනත්
අදුර ආවාම
එක අතකට
හොදයි
පාට නොපෙනෙන
අදුර
හිත නොරිදන...

Wednesday, May 12, 2010

මෙහෙ ඉස්සර වගේම...

මෙහෙ
ඉස්සර වගේම
දැන්
එහා පැත්තෙත්
මල් පිපෙනවා ඇති
ඒත්
තහනම් යන්න මට
ඒ පැත්තට
මේ පැත්තේ නියගය
එක අතකට හොදයි...

Monday, May 10, 2010

නියගලා...


වස උනත්
රස ඇති
මල
මේ තරම්
ලස්සනනම්
වසත්
රස ඇති
හරියට
නුඹ වගේම...

Thursday, May 6, 2010

තනි තරුව මම...

විවිධ වූ
තරු රටා
අතර
රටාවක්
නැති
තනි තරුව
මම
නුඹ දකින...

Wednesday, April 28, 2010

නුඹ වෙනුවෙන්...

නුඹ වෙනුවෙන් තියාගත්ත
බලාපොරොත්තු
බලාපොරොත්
බලාපොරො
බලාපො
බලා
බ

නැතිව ගිය අපූරුව......

Sunday, April 25, 2010

මට අද මාව හම්බ උනා...

මෙච්චර දවස් අතරමං වෙලා හිටපු මට අද මාව හම්බ උනා
මං හුගක් වෙනස්වෙලා මටත් අදුරගන්න අමාරු තරමටම
ඒත් හිත ඉස්සර වගේමයි තාම එහෙමයි
හදවත ගල් වෙලා උනු නොවෙන තරමටම....