Sunday, March 21, 2010

නුඹට මාව අමතක උනා...

ඉක්මනින්
සද පෑව්වා...
තරුත් හිමිහිට
එබී බැලුවා...
අතරින් පතරට
සුලගත් හැමුවා...
අන්තිමට
මේ
පුංචි කණාමැදිරියව
නුඹට
අමතක වෙලා ගියා...

Tuesday, March 16, 2010

නුඹ නමින්ම...

නුඹ
නමින්ම
විකසිත වූ
හදමඩල
හෙට
නුඹ
නමින්ම
මියැදේවී...
නුඹත්
නොදැනම...

Thursday, March 11, 2010

තවත් මක් කියන්නද නුඹ නමට...

කවි ලියූ
කවි කියූ
නුඹ නමට
සද කියූ
තරු කියූ
නුඹ නමට
මම කියූ
අපි කියූ
නුඹ නමට
තවත් මක්
කියන්නද
නුඹ නමට

Wednesday, March 10, 2010

දුරක ගියපූ නුඹ...

කදුළු
වියලූ
සිනහා
සැගවූ
මහද
රිදවූ
දුරක
ගියපූ
නුඹ
මම
හුගක්
ආදරේ
කරපූ...

Tuesday, March 9, 2010

නුඹ එන්න එපා මගෙ හිත තහනම්...

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක්
නිමා කරන්නද මා කෙලෙසේ...

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

Monday, March 8, 2010

කදුළු...

ඉස්සර,
කොයිතරම් නම්
වටිනවද?
ලේසියෙන් නොවැටෙනා හින්දා...

අද,
කොයිතරම් නම්
නොවටිනවාද?
නිතරෝම වැටෙන හින්දා...

Sunday, March 7, 2010

නුඹ පරිස්සම් නොකල හින්දා...

මගේ හිතේ
නුඹ ගැන උපන්
අපිරිමිත සෙනෙහසින්
මම නොකා නොබී
නුඹ වෙනුවෙන්
නුඹට හදලා දුන්න
ඒ මුද්ද
නුඹේ අතින්
බිම වැටුනා
මගේ හදවත වගේම
නුඹ පරිස්සම් නොකල හින්දා...