Monday, April 5, 2010

ඇයි සිත්මල පිපුනේ...

හිනහෙන්න
හඩවන්න
රිදවන්න
විදවන්න
පළිගන්න
ඇයි
මේ සිත්මල
පිපුනේ...

Sunday, April 4, 2010

මම මැරුනම..

කොහේ කොතැනක
සිටීයත්
මා මැරුනු දවසට
බලලා යන්න එන්න...
නුඹ වෙනුවෙන්
මා හෙලූ
කදුළු ගංගාවක්
තරමටම නොවූවත්
මගේ නමින්
එකම එක කදුලක්වත්
හෙලලා යන්න එන්න..

Tuesday, March 30, 2010

හීනෙන්වත් එන්න...

සැබෑ වූ ලෝකයේ
වරම් නැති ආදරේ
අඩුතරමෙ
හීනෙකින්වත් ඇවිත්
හිමි හිමින් මුමුනන්න
හීනෙන්වත් ඇවිත් යන්න එන්න...

Thursday, March 25, 2010

අදත් සද පායලා...

පෝ දාට
වාගේම
අදත් සද
පායලා
නමුත්...
සමහර
තැන්වලට
ඉස්සෙල්ලටත් වඩා
කලුවරයි...

Wednesday, March 24, 2010

මිරිගුව නුඹයි...

සදාකල් ලග තියන්
රැකගන්න වෙරදරපු
කිසිම දා මා දමා
දුර නොයැයි යැයි සිතපු
අන්තිමේ කදුළුවල
ගිල්ලවා මා දමපු
මිරිගුවයි නොලැබෙනා
රැකගන්න වෙරදරපු.....

Tuesday, March 23, 2010

කියන් මට...

නුඹ ඇවිත් මා ලගට
ආයෙමත් දුර ගියා...
කියන් මට මේ තරම්
වේදනා ඇයි කියා...
නොකියන්න කිසිදිනක
මෙමා වැරදියි කියා...
නුඹ නමට පෙම් කරපු
හදමඩල මිය ගියා...

Monday, March 22, 2010

ඒ සොදුරු දවස්...

කොයිවෙලෙත්
මතක් වෙන
සිනහා
දෙතොලග රදවන
ඒ
සොදුරු වූ දවස්
සිහිකරයි
අද මා
කදුලු පිරි
දෙනෙතින්...