Tuesday, June 14, 2011

මං එනවා කොහොම හරි ඔයා ලගට...


මං එනවා කොහොම හරි ඔයා ලගට
මොනදේ උනත් කමක් නැහැ මට
මම දන්නව මට හුගාක් දේවල් වෙයි කියලා
කමක් නැහැ මට මොනවා උනත් ඔයා ලගට ඇවිත්
මෙහෙමම ඉදන් මැරිලා යනවට වඩා...

Saturday, June 4, 2011

නෙත් ...


නෙත් 
එදා නුඹ ලගදී සිනාසුන
නෙත් 
එදා නුඹ ලගදි සතුටු උන
නෙත්
එදා නුඹ ලගදි ආස උන
නෙත්
මෙදා නුඹ ලගදි මියැදුන...

Wednesday, June 1, 2011

මමත් මේ ආලයෙන් මියෙදුනා...

ඇගපුරා තියන 
ඇට ලේ මස් ඇටමිදුලු පුරාම
 ඔයාට තිබ්බ ආදරෙන්
 පිරිලා ඉතිරිලා තිබ්බ ඒ දවස් 
නිම උනා...
සෙහෙහසින් පිරූ පාරමී
 මොහොතකින් අළුකරදමා
 ලග හිටපු නුඹ මගෙන් වෙන් උනා...
නුඹ නැතුව තවත්මට 
ජීවිතය මක්කටද 
මමත් මේ ආලයෙන් මියෙදුනා...