Tuesday, January 22, 2013

මගේ යැයි සිතාසිටි බොහෝදේ....





මගේ යැයි
සිතාසිටි
බොහෝදේ
ඇගේ වග
තේරුනේ
ඇයද මගේ
නොවන බව
දැනගත්ත
පසුවයි....

Thursday, November 22, 2012

ආයි කවි සිත මෝරනවා......

ආයි කවි සිත මෝරනවා......
ආයි කවි ලියන්න හිතෙනවා....
අනේ මන්දා ඒ ඇයි කියලා...
කියවන්න අය ඉදීද?

Monday, September 19, 2011

මට ගැහුවා නේද කෝට් අතක්ම...

මං තුරුම්පු අතේ තියන් උනත්
 නොගහ හිටියේ 
නුඹව කපන්න බැරි හින්දයි...
ඒ නුඹට තිබ්බ ආදරේට
 මට ඕනේ කලේ 
කොහොම හරි සෙපෝරු කරගන්නයි
 ඒත් මං 
නොහිතපු නොපතපු වෙලාවක 
නුඹ එක පාරටම
 මට ගැහුවා 
නේද කෝට් අතක්ම...

Tuesday, June 14, 2011

මං එනවා කොහොම හරි ඔයා ලගට...


මං එනවා කොහොම හරි ඔයා ලගට
මොනදේ උනත් කමක් නැහැ මට
මම දන්නව මට හුගාක් දේවල් වෙයි කියලා
කමක් නැහැ මට මොනවා උනත් ඔයා ලගට ඇවිත්
මෙහෙමම ඉදන් මැරිලා යනවට වඩා...

Saturday, June 4, 2011

නෙත් ...


නෙත් 
එදා නුඹ ලගදී සිනාසුන
නෙත් 
එදා නුඹ ලගදි සතුටු උන
නෙත්
එදා නුඹ ලගදි ආස උන
නෙත්
මෙදා නුඹ ලගදි මියැදුන...

Wednesday, June 1, 2011

මමත් මේ ආලයෙන් මියෙදුනා...

ඇගපුරා තියන 
ඇට ලේ මස් ඇටමිදුලු පුරාම
 ඔයාට තිබ්බ ආදරෙන්
 පිරිලා ඉතිරිලා තිබ්බ ඒ දවස් 
නිම උනා...
සෙහෙහසින් පිරූ පාරමී
 මොහොතකින් අළුකරදමා
 ලග හිටපු නුඹ මගෙන් වෙන් උනා...
නුඹ නැතුව තවත්මට 
ජීවිතය මක්කටද 
මමත් මේ ආලයෙන් මියෙදුනා...

Thursday, May 19, 2011

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර  උනා....

ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......

 දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !