Tuesday, November 30, 2010

නුඹ දුන්න දියවෙන හදවතත් එක්ක මාත් දියවෙනවා ටිකෙන් ටික...


මං නුඹට තිබ්බ ආදරේට
මගේ මස් ලේ වලින් හැදුනු හදවත ගලෝලා නුඹට දුන්නා
නුඹත් නුඹේ හදවත මට දුන්නා
කල් ගත් උනා...
නුඹේ හදවත තුරුල් කරන් ඉත්දි මට හරිම සනීපයක් දැනුනේ
මං දැනන් හිටියේ නැහැ නුඹ මට දුන්නේ
නුඹේ ඇත්තම හදවත නෙමෙයි දවසින් දවස දියවෙලා යන බොරු හදවතක් කියලා
ඒක දවසින් දවස දියවෙලා ගියා...
ඒත් මං නුඹට දුන්නේ මගේ ඇත්ත හදවත
නුඹ ඒකත් අරන් මගෙන් ඈතටම ගියා...
දැන් දවසින් දවස මම නැතිවෙනවා මගේ හදවත නැතුව
නුඹ දුන්න දියවෙන හදවතත් එක්ක
මාත් දියවෙනවා ටිකෙන් ටික...

Thursday, November 11, 2010

නුඹවත් ගනන් නොගත් නිසා...

නුඹ නමින් විකසිතව
පහස ලත් රෝසමල
පරවුනා නොදැනීම
නුඹවත්
ගනන් නොගත් නිසා...

Sunday, September 5, 2010

ඇ‍ය යන්න ගියා මැකිලා...

හිත් මඩල යට පිපී උන්
පුංචිම පුංචි සමන් මල
පරවෙලා...
මටවත් නොකියාම
යන්න ගොස් ලෝකයෙන්
ඈතටම...

Monday, August 2, 2010

එදා සහ මෙදා...

එදා මතකයන්
මෙදා හිත රිද්දද්දී
මක් කරන්නද මං
අඩනවා ඇරෙන්නට...

Tuesday, July 27, 2010

කාටත් හොරා නුඹ පුන් සද උනා මට...

ජීවිතේ අමාවක ආ වෙලාවක
කාටත් හොරා නුඹ පුන් සද උනා මට
ඒත්...
එක මොහොතකින්
බැසගියා ආයෙමත් නුඹ
අදුරු කර මගේ ලොවම
කලුවරයි ආයෙමත් මගේ ලොවම...

Sunday, July 4, 2010

කදුළු...

හේතුවක්
නැතුවාම
නෙත් කෙවෙනි
තෙමන අපූරුව
පෙර මතක
සිහිකර
හොරෙහින්...

Tuesday, June 22, 2010

කරුමක්කාරයා ගන්ධබ්බ අවදියක...

කරුමක්කාරයා දැන් ඉන්නේ රික්තයක් ඇතුලේ ඒකයි ලියාගන්න කිසිම දෙයක් නැත්තේ තිබුනත් හිත එක තැනක තියාගෙන ලියන්න අමාරුයි.සතුටත් නැති දුකත් නැති අතරමගකයි දැන් කරුමක්කාරයා ඉන්නේ.කරුමක්කාරයගේ ඇස්වල දැන් කදුලුත් නැහැ තොල්වල හිනාවත් නැහැ.හරියටම කෝමා හැදිලාවගේ.හැමදාම මාත් එක්ක හිටපු සමහරු පහුගිය ටිකේ මාව හොයල තිබුනා.ස්තුතියි.මම තාම ඉන්නවා ගන්ධබ්බ අවදියක.....

Thursday, May 13, 2010

අදුර සුන්දරයි...

නොපෙනී ගියත්
හැමදේම
දුකක් ලැබුනත්
අදුර ආවාම
එක අතකට
හොදයි
පාට නොපෙනෙන
අදුර
හිත නොරිදන...

Wednesday, May 12, 2010

මෙහෙ ඉස්සර වගේම...

මෙහෙ
ඉස්සර වගේම
දැන්
එහා පැත්තෙත්
මල් පිපෙනවා ඇති
ඒත්
තහනම් යන්න මට
ඒ පැත්තට
මේ පැත්තේ නියගය
එක අතකට හොදයි...

Monday, May 10, 2010

නියගලා...


වස උනත්
රස ඇති
මල
මේ තරම්
ලස්සනනම්
වසත්
රස ඇති
හරියට
නුඹ වගේම...

Thursday, May 6, 2010

තනි තරුව මම...

විවිධ වූ
තරු රටා
අතර
රටාවක්
නැති
තනි තරුව
මම
නුඹ දකින...

Wednesday, April 28, 2010

නුඹ වෙනුවෙන්...

නුඹ වෙනුවෙන් තියාගත්ත
බලාපොරොත්තු
බලාපොරොත්
බලාපොරො
බලාපො
බලා


නැතිව ගිය අපූරුව......

Sunday, April 25, 2010

මට අද මාව හම්බ උනා...

මෙච්චර දවස් අතරමං වෙලා හිටපු මට අද මාව හම්බ උනා
මං හුගක් වෙනස්වෙලා මටත් අදුරගන්න අමාරු තරමටම
ඒත් හිත ඉස්සර වගේමයි තාම එහෙමයි
හදවත ගල් වෙලා උනු නොවෙන තරමටම....

Monday, April 5, 2010

ඇයි සිත්මල පිපුනේ...

හිනහෙන්න
හඩවන්න
රිදවන්න
විදවන්න
පළිගන්න
ඇයි
මේ සිත්මල
පිපුනේ...

Sunday, April 4, 2010

මම මැරුනම..

කොහේ කොතැනක
සිටීයත්
මා මැරුනු දවසට
බලලා යන්න එන්න...
නුඹ වෙනුවෙන්
මා හෙලූ
කදුළු ගංගාවක්
තරමටම නොවූවත්
මගේ නමින්
එකම එක කදුලක්වත්
හෙලලා යන්න එන්න..

Tuesday, March 30, 2010

හීනෙන්වත් එන්න...

සැබෑ වූ ලෝකයේ
වරම් නැති ආදරේ
අඩුතරමෙ
හීනෙකින්වත් ඇවිත්
හිමි හිමින් මුමුනන්න
හීනෙන්වත් ඇවිත් යන්න එන්න...

Thursday, March 25, 2010

අදත් සද පායලා...

පෝ දාට
වාගේම
අදත් සද
පායලා
නමුත්...
සමහර
තැන්වලට
ඉස්සෙල්ලටත් වඩා
කලුවරයි...

Wednesday, March 24, 2010

මිරිගුව නුඹයි...

සදාකල් ලග තියන්
රැකගන්න වෙරදරපු
කිසිම දා මා දමා
දුර නොයැයි යැයි සිතපු
අන්තිමේ කදුළුවල
ගිල්ලවා මා දමපු
මිරිගුවයි නොලැබෙනා
රැකගන්න වෙරදරපු.....

Tuesday, March 23, 2010

කියන් මට...

නුඹ ඇවිත් මා ලගට
ආයෙමත් දුර ගියා...
කියන් මට මේ තරම්
වේදනා ඇයි කියා...
නොකියන්න කිසිදිනක
මෙමා වැරදියි කියා...
නුඹ නමට පෙම් කරපු
හදමඩල මිය ගියා...

Monday, March 22, 2010

ඒ සොදුරු දවස්...

කොයිවෙලෙත්
මතක් වෙන
සිනහා
දෙතොලග රදවන
සොදුරු වූ දවස්
සිහිකරයි
අද මා
කදුලු පිරි
දෙනෙතින්...

Sunday, March 21, 2010

නුඹට මාව අමතක උනා...

ඉක්මනින්
සද පෑව්වා...
තරුත් හිමිහිට
එබී බැලුවා...
අතරින් පතරට
සුලගත් හැමුවා...
අන්තිමට
මේ
පුංචි කණාමැදිරියව
නුඹට
අමතක වෙලා ගියා...

Tuesday, March 16, 2010

නුඹ නමින්ම...

නුඹ
නමින්ම
විකසිත වූ
හදමඩල
හෙට
නුඹ
නමින්ම
මියැදේවී...
නුඹත්
නොදැනම...

Thursday, March 11, 2010

තවත් මක් කියන්නද නුඹ නමට...

කවි ලියූ
කවි කියූ
නුඹ නමට
සද කියූ
තරු කියූ
නුඹ නමට
මම කියූ
අපි කියූ
නුඹ නමට
තවත් මක්
කියන්නද
නුඹ නමට

Wednesday, March 10, 2010

දුරක ගියපූ නුඹ...

කදුළු
වියලූ
සිනහා
සැගවූ
මහද
රිදවූ
දුරක
ගියපූ
නුඹ
මම
හුගක්
ආදරේ
කරපූ...

Tuesday, March 9, 2010

නුඹ එන්න එපා මගෙ හිත තහනම්...

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක්
නිමා කරන්නද මා කෙලෙසේ...

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

Monday, March 8, 2010

කදුළු...

ඉස්සර,
කොයිතරම් නම්
වටිනවද?
ලේසියෙන් නොවැටෙනා හින්දා...

අද,
කොයිතරම් නම්
නොවටිනවාද?
නිතරෝම වැටෙන හින්දා...

Sunday, March 7, 2010

නුඹ පරිස්සම් නොකල හින්දා...

මගේ හිතේ
නුඹ ගැන උපන්
අපිරිමිත සෙනෙහසින්
මම නොකා නොබී
නුඹ වෙනුවෙන්
නුඹට හදලා දුන්න
ඒ මුද්ද
නුඹේ අතින්
බිම වැටුනා
මගේ හදවත වගේම
නුඹ පරිස්සම් නොකල හින්දා...

Monday, February 22, 2010

කරුමක්කාරයගේ කතාව...

''යකෝ මට බොන්න ඕනේ''

ජීවිතේ අන්තයටම කලකිරුනු කරුමක්කාරයගේ
ආදරේ අවසාන දවස.......

''හරි අද ඇතිවෙනකම් බීපන් හැබැයි හෙට ඉදන් ඔක්කොම අමතක කරලා හොදින් හිටපන්''


''පොරොන්දු වෙයන් එහෙම ඉන්නවා කියලා''

''හරි යකෝ හරි''කරුමක්කාරයා අඩන් ගමන් කිව්වා.

අන්තිමට අමුම අමුවෙන් ගල් බෝතලයක් එක උගුරට තනියෙන් බිව්ව කරුමක්කාරයා එදා රෑ හොදටෝම ඇඩුවා.දුක හේදිලා යනකම්ම............

මියැදෙනවා මමත් දවසින් දවසට...

හිත පුරා පිරී ගිය ආදරෙන්
මම එදා නුඹට දුන් රෝස මල
වෙලීලා ගිහින් අද
අමතක වෙලා නුඹට
මගෙ ආදරෙත්
මං දුන්න රෝස මලත්
මියැදෙනවා
මම දුන්න රෝස මල වාගේම
මමත් දවසින් දවසට.

Sunday, February 14, 2010

මට ඔයාව මග හැරුනා...

දකින දහසක් මුහුණු අතරේ
ඔයා දිහාම බලාගෙන
මම ඔයාගේ පස්සෙන්ම ආවා....
ඇවිල්ලා ඇවිල්ලා
හොදටෝම හෙම්බත්වෙලා
ඔයා නැවතුන තැනින්ම
මමත් නැවතුනා.....

එතකොටයි මම දැක්කේ
ඔයාගේ පැත්තකින්
අයිතිකාරයා ඉන්න බව....
ඔයා එකපාරටම
ආයෙත් දුවන්න ගත්තා
මම ආයෙත්
ඔයා පස්සෙන්ම ආවා

හැබැයි
මේ වතාවෙනම්
මට ඔයාව මග හැරුනා
හොයාගන්න බැරි වෙන්නම

Thursday, February 11, 2010

ජෝකර් උනේ මං...

අන්තිමට නුඹට
ජෝකර් උනේ මං
මේ තරම් පෙම් කරපු
නුඹ ගැනම හිතපු
මං
හැමෝම ඉස්සරහා
ජෝකර් කලේ නුඹයි මාව
කමක් නැහැ
කවදහරි දවසකදි
නුඹම තේරුම් ගනීවී
මම ආදරේ කලේනම්
විහිලුවට නෙමෙයි
ඇත්තටමයි කියලා....