Sunday, December 20, 2009

නුඹේ නමට තිබ්බ ඉඩ...


නුඹේ නමට තිබ්බ ඉඩ
හදවතේ කුරුටු ගා
කලු කලා නුඹ
ආයෙමත්
නුඹේ නමත්
වෙන නමක්වත්
ලියන්නට බැරිවෙන්නම...

Thursday, December 17, 2009

මගේ හිත ලෙඩවෙලා...

නුඹට හුගාක් ආදරේ කරපු තරමටම
මගේ හිත ලෙඩවෙලා
නුඹ මගෙන් හුගාක් දුර යන්න ගියාම...

මම දැන් ජීවත්වෙන්නේ
නුඹේ මතකය රැදුනු හදවතට
බෙහෙත් කරකර...
ලගදීම දවසක
නවතීවි හදවතත්
ගිලන්වුනු නුඹේ ප්‍රේමයේ නාමයෙන්ම...

බොහොම ස්තුතියි !.....

සතුට සෙවූ
මගේ සිතට
දුකම උරුමකර දුන්නාට
නුඹට....
සිනහා සෙවූ
මගේ නෙතට
කදුල උරුමකර දුන්නාට
නුඹට....
බොහොම ස්තුතියි....

Wednesday, December 16, 2009

දන්නවද?...

දන්නවද?
නෑ
නුඹ දන්නෑ
නුඹ දන්නෙම නෑ
මා
හැඩූ තරම්
නුඹ
නිසා.....