Sunday, April 4, 2010

මම මැරුනම..

කොහේ කොතැනක
සිටීයත්
මා මැරුනු දවසට
බලලා යන්න එන්න...
නුඹ වෙනුවෙන්
මා හෙලූ
කදුළු ගංගාවක්
තරමටම නොවූවත්
මගේ නමින්
එකම එක කදුලක්වත්
හෙලලා යන්න එන්න..

8 comments:

  1. හයියො දසුන් ඇයි උඹ මෙච්චර.. තනිවෙලා.. මෙහෙම කවි ලියන්නෙ.. වරෙන් අපි අතරට ඇවිල්ලා අනිත් උන්ගෙ එවට කමෙන්ට් කරපන්. කතා බහ කරලා හිටපන්.. උඹ මෙහෙම තනියම ඉන්නවා වගෙයි මට දැනෙන්නෙ.. නැත්තම් මෙච්චර ලස්සනට ලියන්න බැහැ..

    මොකද්ද මචං මම මුලින් තනිවෙලා අඬද්දි උබ, කරුමක්කාරයා ඇවිල්ලා මගෙ හිතට දුන්නු සතුට.. වරෙන් නෙට් එකෙ ඉද්දි අපෙ බ්ලොග් පැත්තෙත්.. ඉන්නවා හදවත් තිබෙන මිනිසුන් බොහො.. අපි කස්ටිය එකතු වෙලා කතා බහ කරලා ඉමු.. කවි ලියපන්... විරහාව ලියපන්.. එත් උඹ මෙච්චර තනියම ඉන්න එපා.. වරෙන් අපි අතරට.. උඹ වගෙම වැරැද්ද හාදාගන්න බැරුව ඉන්න කෙනෙකුට වචනයකින් දිරිය දිපන් උඹෙ පපුවට ලොකු සතුටක් දැනෙවි.. වරෙන් අපි අතරට...

    ReplyDelete
  2. රවා @

    උඹ හරි. හිතේ දැන් තියෙන්නෙ රික්තකයක්.පහුගිය කාලේ පුරාම හිත හදාගන්න හුගක් මහන්සි වුනා.මම හිටියේ ගන්ධබ්බ අවදියකයි.ඒකයි කොහෙවත් නොගිහින් තනිවෙලා,හුදකලාවෙලා හිටියේ.

    උඹ හරි මම එනවා.
    ස්තුතියි එකටම ඉන්නවට
    අපි හම්බ වෙමු කතාකරමු
    මට මේ ඇස්වලින් වැටෙන කදුලු මදි...
    ඇස් කකියනකම් මට අඩන්න ඕනේ
    මම එනවා රවා...

    ReplyDelete
  3. ඔක පපුවෙනෙ ඇදලා දාන්න බැරි තරම ඇතුලට බැහැලා තියන්නෙ.. අයින් කරන්න ඔනා නම්. හදවතයි ලේ ටිකයි අලුතෙන්ම දාන්න වෙනවා.. කොහොම උනත් වෙදනාවත් එක්ක ජිවත් වෙන්න අපි පුරුදු වෙමු.. එහෙම තමයි ලොකෙ බන්.. මෙහෙම තමයි අපි...කවියක් ලියලා..පොඩ්ඩක් අඬලා ආපහු හිනා වෙමු.. වරෙන් අනිත් උන්ගෙත් බ්ලොග් වලට.. ඇවිල්ලා උන්ගෙත් හිත පොඩ්ඩක් හදපන්, වචනයක් දිපන් හිතෙ හයියත් දාලා දිලා... එතකොට උබෙ හිතට ලොකු සහනයක් දැනෙවි...සුවයක් දැනෙවි.. එ සුවයම ඇති උබට ජිවත් වෙන්න...වරෙන් නිවඩු වෙලාවක..

    ReplyDelete
  4. ලස්සන කවිය. හිතට දැනුනා හුඟක්.

    ReplyDelete
  5. අනේ, හරිම ලස්සනයි..

    ReplyDelete