skip to main |
skip to sidebar
නොපෙනී ගියත් හැමදේම
දුකක් ලැබුනත්
අදුර ආවාම
එක අතකට
හොදයි
පාට නොපෙනෙන
අදුර
හිත නොරිදන...
මෙහෙ ඉස්සර වගේම
දැන්
එහා පැත්තෙත්
මල් පිපෙනවා ඇති
ඒත්
තහනම් යන්න මට
ඒ පැත්තට
මේ පැත්තේ නියගය
එක අතකට හොදයි...

වස උනත්
රස ඇති
මල
මේ තරම්
ලස්සනනම්
වසත්
රස ඇති
හරියට
නුඹ වගේම...
විවිධ වූ තරු රටා
අතර
රටාවක්
නැති
තනි තරුව
මම
නුඹ දකින...