Sunday, March 7, 2010

නුඹ පරිස්සම් නොකල හින්දා...

මගේ හිතේ
නුඹ ගැන උපන්
අපිරිමිත සෙනෙහසින්
මම නොකා නොබී
නුඹ වෙනුවෙන්
නුඹට හදලා දුන්න
ඒ මුද්ද
නුඹේ අතින්
බිම වැටුනා
මගේ හදවත වගේම
නුඹ පරිස්සම් නොකල හින්දා...

10 comments:

  1. මුද්ද නම් මොනාද දසුන් ආදරය ගලවලා දැම්මට පස්සෙ....
    සංවේදී පද ටිකක්

    ReplyDelete
  2. පරෙස්සම් නොකරන
    නිසාවෙන් බිම වැ‍ටුන
    මුද්ද යළි ඇහිඳගෙන
    ආයෙමත් දෙන්න..

    ඒත්..
    මුද්ද නොව හිත සුරකින අතකට..

    ReplyDelete
  3. මුද්ද දසුන් සංකෙතයක් විතරයි... සැබැ ආදරයක් දෙන එකම ගැහැනිය අම්මා පමණයි... අහුලගන්න දසුන් මුද්ද එක ආපහු තවත් අතකට දෙන්න චේජනා කිව්වා වගෙ... අපිත් වට වෙලා ඉන්නවා. හැබැයි ඔයාට හිතෙනවානම් එතනත් වෙදනාවක් ඉතුරු වෙන්නෙ කියලා. මුද්ද සාක්කුවට දාගන්න අනිත් අයට පෙන්න. ඇවිල්ලා කවුරු හරි ඉල්ලයි එතකොට දෙන්න......
    දසුන් මම හිතන් ඉන්නවා කවදා හරි අපි කසද බඳින්න ඔනා .. අපි ආදරය කරන කෙනාව නෙමෙයි.... අපිට ආදරය කරන කෙනාව...
    එ දෙන්නම එක කෙනෙක් උනොත් අපි ගොඩාක් වාසනාවන්තයි....

    ReplyDelete
  4. දිල් @
    හදවතට නොදැනෙන දේ මුද්දක් වගේ අසංවේදී දේකට තේරෙන්නැහැ ඒක ඇත්ත ස්තුතියි දිල් අදහස්වලට

    ReplyDelete
  5. චේජනා @
    හදවතක තියන වටිනාකම නොදැන හදවතත් එක්ක සෙල්ලම් කරපු,හදවත් අපායක් කරපු අතකට රැවටුනනානම් කොහොමද එහෙම නොවෙන අතක ආයෙමත් විශ්වාස කරන්නේ.

    ReplyDelete
  6. රවා @
    රවා දන්නවද අවුරුදු 5 සාක්කුවෙයි මුද්ද තිබුනේ කාටවත් දුන්නේ නැහැ.
    දෙන්න අය හම්බුනත් ඒ අය මුහුදු රළ වගේ ආවා ගියා විතරයි.
    මේ පාර ඒ අවුරුදු 5 පුරා තියන් හිටපු මුද්ද ඉල්ලපු කෙනාටයි දුන්නේ ඔයා කිව්වා වගේම.ඒත් ඒකත් වැරදිමක්.

    රවා හරි වැදගත් වෙන්නේ අපි ආදරේ කරන කෙනාට වඩා අපිට අදාරේ කරන කෙනයි.

    ස්තුතියි හිත හදාගන්න උදව් වෙනවට

    ReplyDelete
  7. බය වෙන්න එපා බන්.. දුක් වෙන්නත් එපා... එඋනාට කමක් නැහැ ඉදලා ඉදලා හයියෙන් කැගහලා අඬපන් දුකක් දැනුනාම.. හැබැයි අළු ගහලා දාලා පිනීක්ස් කුරුල්ලා වගෙ ආපහු පියාඹන්න ඔනා.

    ReplyDelete
  8. අවංකව ආදරේ කරන ගොඩක් දෙනෙක්ට හිමි වෙන්නෙ දුක තමයි...

    ReplyDelete
  9. රවා@
    ඔව් රවා ඒක මම කොහොම හරි කරනවා.මම වැටෙන්නැහැ එහෙම මාව වට්ටන්නත් බැහැ.ස්තුතියි එකට ඉන්නවට.

    ReplyDelete
  10. ඔව් මධු
    අවංක නොවී ආදරේ කරන්න මට බැහැ.
    අවංකව ආදරේ කරාම ඉතුරු වෙන්නේ දුක විතරයි.

    ReplyDelete